Friday, September 23, 2011

Colombo Motor Show 2011


ලංකාවේ අපිට කාර් ප‍්‍රදර්ශන තියෙන්නෙ එකයි නැත්තම් දෙකයි. ඒවයිනුත් හොඳම එකට තියෙන්නෙ තව සතියයි. සැප්තැම්බර් 30, ඔක්තෝබර් 1 හා 2 යන දිනවල කොළඹ බන්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා භූමියෙදී ඒක පැවැත්වීමට නියමිතයි. හෙටින් ඉතින් පොත් ප‍්‍රදර්ශනේ ඉවරයිනෙ. වෙබ් අඩව්වෙ දාලා තියෙන විධියට පහුගිය අවුරුදු වල වගේම තියෙනව වගේ. මට නිකමට හිතුනෙ ඇයි ලංකාවෙත් පිටරට වල වගේ concept කාර් ඉදිරිපත් කරන්න බැරි කියල. ලංකාවෙ විශ්ව විද්‍යාල වල automobile designing පටන් ගත්තනම් අපේ ළමයින්ට මෙහෙ හරි වෙන කොහේ හරි රටක හරි designer කෙනෙක් වෙන්න පුළුවන්නෙ.
concept කාර් වල අරමුණ, ඉදිරියට එන්න තියෙන කාර් ජනතාව අතරට ගෙනයාම. සමහර දේවල් ඉතින් practically කරන්න අමාරු වුනත් production version එකට එනකොට පොඩි හරි අංග කිහිපයක් එකතු කරගන්න පුළුවන්.

No comments:

Post a Comment